නින්ද
නින්ද යනු ඌතිත (අඩු වශයෙන් පවතින) හෝ විරහිත සංවිඥානකතාව, සාපේක්ෂ වශයෙන් අත්හිටවුනු සංවේදී ක්‍රියාකාරිත්වය, සහ සියළුම පාහේ ඉච්ඡානුගත පේශින්ගේ නිෂ්ක්‍රියාව යන ලක්ෂණයන්ගෙන් නිරූපිත වන හා ස්වභාවිකව නැවත නැවත ඇතිවන තත්ත්වයකි. එය සියලු ක්ෂීරපායී සතුන්ටත් කුරුල්ලන්ටත් උරගයින්ටත් උභය ජීවීන්ට හා මත්ස්‍යයන්ටත් පොදුය.
මනුෂ්‍යයින්ටත්, අනෙක් ක්ෂීරපායී සතුන්ටත් අධ්‍යයනයට ලක් වූ මත්ස්‍යයන් කුරුල්ලන් කුහුඹුවන් හා පලතුරු මැස්සන් වැනි අනෙක් සතුන් සැළකිය යුතු පමණකටත් සිය පැවැත්ම සඳහා ක්‍රමවත් නින්දක් අවශ්‍යය. කෙසේ වුවත් එයින් පැහැදිලි වන්නේ කොටසක් පමණි. එසේම ඒවා දැඩි පර්යේෂණයට බඳුන් වී ඇත.
කායික විද්‍යාව
සංස්කරණයක්ෂීරපායී සතුන්ගේ, පක්ෂීන්ගේ නින්දේ දී අක්ෂි චලනයේ මිණූම පුළුල් වූ කොටස් දෙකකට බෙදේ.
- වේගවත් අක්ෂි චලනය (Rapid eye movement) (REM) හා
- වේගවත් නොවූ අක්ෂි චලනය සම්බන්ධ නින්ද (Non – rapid movement) (NREM)
එක් එක් කොටසට පැහැදිලිව හඳුනාගත හැකි භෞතික විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක අංග ලක්ෂණ ඇත්තේය. නින්ද ඉදිරියට යන්නේ Rem චක්‍රවලින් හා ( REM = Rapid eye movement) NREM හි පියවර හතරකිනි.
පියවරවල් / > 2>3>4>3>2> REM
නිදිපෙති වැනි ඖෂධ වර්ග හා මධ්‍යසාරය සහිත බීමවලට නින්දේ සමහර අවස්ථා යටපත් කළ හැකිය. (නින්ද අහිමිවීම බලන්න) විඥානය නැතිවීම මෙහි ප්‍රතිඵලය වන අතර එහි කායික ක්‍රියාකාරකම් ඉටු නොවේ.
රෙක්ස්ෂැෆන් සහ කාලෙස් (Rechtschaffen and Kales) 1968 දී පළමුවෙන් නින්දේ විවිධ අවස්ථා හැදෑරීම සඳහා මිණුම් දණ්ඩක් සැළසුම් කළේය. නිද්‍රාජනක ඖෂධ පිළිබඳ ඇමරිකානු ආයතනය 2007 දී මෙම අවස්ථා සැළසුම් කිරීම යාවත්කාලීන කළේය.
නින්දේ අවධි
ක්ෂණික අක්ෂි චලන සහිත නින්දේ නිර්ණායක ලෙස වේගවත් අක්ෂි චලන පමණක් නොව වේගවත් කුඩා විදුලි ප්‍රමාණ සහිත මොළයේ විද්‍යුත් ධාරා සටහන් ද අයත් වේ. ක්ෂීරපායීන්ගේ අඩුම වශයෙන් කුඩා මාංශපේශී තානයද දැකිය හැකිය. මතකයේ තබාගත හැකි සිහින වැඩි වශයෙන් මෙම අවස්ථාවේදී ජනිත වෙයි.
බළල් පැටවුන් නිදාගන්නා ආකාරය
වැඩිහිටි මිනිසකුගේ මුළු නිදිකාලය තුළ 75% - 80% පමණ වේගවත් අක්ෂිචලන සහිත නින්දක් අන්තර්ගතය. වේගවත් අක්ෂි චලන රහිත නිද්‍රා අවස්ථාවේදී සාපේක්ෂව සිහින අඩුවෙන් දක්නට ලැබේ. මෙම වේගවත් අක්ෂි චලන රහිත නින්දේ අවස්ථා 4 ක් අන්තර්ගතය. අවස්ථා 1 සහ 2 සැහැල්ලු නින්ද ලෙසද අවස්ථා 3 සහ 4 ගැඹුරු නින්ද (අඩු වේග - තරංග) ලෙසද හඳුන්වයි. වේගවත් අක්ෂි චලන සහිත සහ මාංශ පේශි තානය නොමැති ක්ෂණික අක්ෂි චලන නින්ද මෙන් නොවෙයි. මෙහිදී අවස්ථා නිර්ණය කරනුයේ හුදෙක් මොළයේ ඇති වන විද්‍යුත් තරංග මතය. මෙම ක්ෂණික අක්ෂි චලන රහිත නිද්‍රා කාලයේ ගාත්‍රා චලන, Parasomnias, සහ සිහිනෙන් ඇවිදීම සිදුවෙයි.
මෙම නිද්‍රා අවස්ථාවන් තුළ චක්‍රීයව වෙනස්වන රටාවන් නිරීක්ෂණය කර ඇත.
නිද්‍රා අවස්ථා NI හිදී සාමාන්‍ය අවදි වී සිටින මිනිසුන් තුළ ඇති X කිරණවල (සංඛ්‍යාතය 8 – 13 Hz) සිට theta තරංගවලට පරිවර්තනය වෙයි. (සංඛ්‍යාතය 4 – 7Hz) ඇතැම්විට මෙම අවස්ථාව නිදි මත ලෙස විග්‍රහ කෙරේ. මෙම අවස්ථාව ආරම්භයේදී ක්ෂණික ගැස්සීම් හා නිද්‍රා චලන ඇති විය හැකිය. ඇතැම් පුද්ගලයන් හට කරදරකාරී නිද්‍රා මායා දර්ශනද අත්දැකීමට සිදුවේ. මෙම NI අවස්ථාවේදී පුද්ගලයාගේ පේශී තානයද යම්තාක් දුරට බාහිර පරිසරය පිළිබඳව ඇති අවබෝධයද අඩුවෙයි.
N2 අවස්ථාවට ආවේණික ලෙස නිද්‍රා තර්කූන් ද, K සංකරණයන් ද ඇතිවෙයි. මෙහිදී විද්‍යුත් මාංශ පේශී ග්‍රාහකයේ මැනිය හැකි මාංශපේශී ක්‍රියාවන්ගේ වෝල්ටීයතාව අඩුවන අතර බාහිර පරිසරය පිළිබඳ ඇති සිහිකල්පනාව මුළුමනින්ම නැති වෙයි. මාංශපේශී ක්‍රියාවන්ගේ වෝල්ටීයතාවය අඩුවන අතර මුළු නින්දේ 45% - 55% පමණ N2 අවස්ථාව ඇතුළත්වෙයි.
N3 අවස්ථාව - ඩෙල්ටා තරංග (0.5 – 4 Hz) මුළු තරංගවලින් 50% අඩු ප්‍රමාණයක් නිරූපණය කරයි. මෙය ගැඹුරු නින්දේ කොටස් වන අතර N4 අවස්ථාවට සංක්‍රාන්ති සමයක් ලෙස හඳුන්වයි. නින්දේ කථා කිරීම, ත්‍රාසජනක සිහින දර්ශනය, නින්දේදී මුත්‍රා පිටවීම ආදී ක්‍රියාවන් N3 අවස්ථාවේදී සිදුවේ.
N4 අවස්ථාව - මෙහිදී ඩෙල්මා තරංග (0.5 – 4 Hz) මුළු තරංගවලින් 50% කට වැඩි ප්‍රමාණයක් නිරූපණය කරයි. අවස්ථා N3, N4 නින්දේ ගැඹුරු අවස්ථාවෙයි. ඩෙල්ටා තරංග වැඩි වශයෙන් ඇතිවන N4 අවස්ථාව N3 අවස්ථාවේ ගැඹුරු අනුවාදයක් ලෙස හදුන්වාදිය හැකිය. අක්ෂි චලන සහිත නින්ද සහ අක්ෂි චලන රහිත නින්දේ 3, 4 අවධීන්හි සමතුලිතතාවයක් පවතී. එමනිසා එම අවස්ථා එකක් අඩුවුවහොත් නැවත නින්ද ලැබුණු පසු එම අඩු වූ ප්‍රමාණය ලබා ගැනීමට උත්සාහ දරයි. එමනිසා මෙම අවස්ථා දෙකම නින්දේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන බව පැහැදිලි වෙයි