බටහිර චෞ
පුරාතන චීනයේ රාජවංශය
බටහිර චෞ (චීන: 西周; පින්යින්: Xīzhōu; ක්‍රි.පූ. 1045 පමණ[1] – ක්‍රි.පූ. 771) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන චීනයේ චෞ රාජවංශයේ පළමු අර්ධයයි. මෙය ආරම්භ වූයේ චෞ හි වූ රජ මුයේ සටනේ දී ෂෑං රාජවංශය බලයෙන් පහකිරීමත් සමඟයි. මෙය අවසන් වූයේ ක්‍රි.පූ. 771දී චුවැන්රොං සංචාරක ගෝත්‍රිකයින් විසින් හඔජිං අගනුවර යටත් කොටගෙන චෞ හි යෞ රජ මරාදැමීමත් සමඟයි.
බටහිර චෞ මුල්කාලීන රාජ්‍යය[a] වසර හැත්තෑ පහක් පමණ තෙක්ම සාර්ථකව පැවති අතර, අනතුරුව ක්‍රමයෙන් පරිහානියට පත් විය. පැරණි ෂෑං භූමිය ප්‍රවේණි නින්දගම් අනුව බෙදා වෙන්කළ අතර, ඒවා රජු වෙතින් ක්‍රමයෙන් ස්වාධීන වන්නට පටන් ගත්තේ ය. ක්‍රි.පූ. 771 දී, චෞවරුන්ව වෙයි ගංගා නිම්නයෙන් ඉවතට පලවා හැරුණු අතර, අනතුරුව සැබෑ රාජ්‍ය බලය රජුගේ නාමික යටත් රාජ්‍ය සතු විය.
රජවරු
සංස්කරණයමරණාපර නාමය | පෞද්ගලික නාමට | රාජ්‍ය සමය (සියලු වර්ෂ ක්‍රි.පූ. වලිනි)[b] | |
---|---|---|---|
ෂෝනෙසී[4] | XSZ ව්‍යාපෘතිය[5] | ||
චෞ හි වෙන් රජ | චැං (昌) | 1099–1050[c] | |
චෞ හි වූ රජ | ෆා (發) | 1049–1043[c] | 1046–1043 |
චෞ හි චෙං රජ | සොං (誦) | 1042–1006 | 1042–1021 |
චෞ හි කං රජ | චාඕ (釗) | 1005–978 | 1020–996 |
චෞ හි චාඕ රජ | ෂියා (瑕) | 977–957 | 995–977 |
චෞ හි මූ රජ | මන් (滿) | 956–918 | 976–922 |
චෞ හි ගොං රජ | යිහූ (繄扈) | 917–900 | 922–900 |
චෞ හි යිහ් රජ | ජියාන් (囏) | 899–873 | 899–892 |
චෞ හි ෂියාඕ රජ | පිෆැං (辟方) | 872–866 | 891–886 |
චෞ හි යි රජ | ෂියේ (燮) | 865–858 | 885–878 |
චෞ හි ලී රජ | හූ (胡) | 857–842 | 877–841 |
ගොංහේ රාජ්‍යාධිකාරීත්වය | 841–828 | 841–828 | |
චෞ හි ෂුවාන් රජ | ජිං (靜) | 827–782 | 827–782 |
චෞ හි යෞ රජ | ගොංනියේ (宮涅) | 782–771 | 781–771 |
සටහන්
සංස්කරණය- ^ "...these early states are best known from archaeology and history to have been ruled by the dynastic houses such as that of Shang (1554–1046 BC) and of Western Zhou (1045–771 BC). Therefore, they can be called the early 'royal states'."[1]
- ^ The Han historian Sima Qian felt unable to extend his chronological table beyond 841 BC, the first year of the Gonghe Regency, and there is still no accepted chronology in Chinese history before that point.[2][3]
- ^ a b Shaughnessy dates the Zhou conquest of the Shang to 1045 BC. Earlier dates represent the pre-dynastic Zhou.[6]
ආශ්‍රේයයන්
සංස්කරණයඋද්ධෘත
සංස්කරණය- ^ a b Li (2013), p. 6.
- ^ Shaughnessy (1999), p. 21.
- ^ Lee (2002), pp. 16–17.
- ^ Shaughnessy (1999), p. 25.
- ^ Lee (2002), p. 18.
- ^ Shaughnessy (1999), p. 23.
උද්ධෘත කෘති
සංස්කරණය- Chinn, Ann-ping (2007), The Authentic Confucius, Scribner, , https://archive.org/details/authenticconfuci00chin.
- Hucker, Charles O. (1978), China to 1850: A short history, Stanford University Press, .
- Lee, Yun Kuen (2002), "Building the chronology of early Chinese history", Asian Perspectives 41 (1): 15–42, .
- Li, Feng (2013), Early China: A Social and Cultural History, Cambridge University Press, .
- Shaughnessy, Edward L. (1999), "Calendar and Chronology", The Cambridge History of Ancient China, Cambridge: Cambridge University Press, pp. 19–29, .
වැඩිදුර කියවීමට
සංස්කරණය- Shaughnessy, Edward L. (1999), "Western Zhou history", The Cambridge History of Ancient China, Cambridge: Cambridge University Press, pp. 292–351, .
- Li, Feng (2003), "'Feudalism' and Western Zhou China: a criticism", Harvard Journal of Asiatic Studies 63 (1): 115–144, .